ශ්‍රී
ලංකාවේ ඉතා විශාල ප්‍රදේශයක පිහිටි මධ්‍යම කඳුකරයේ ස්වභාව සෞන්දර්යය ඔප් නංවන
දියඇලි, කඳු පන්ති, ස්වභාවික වනාන්තර, ප්‍රාග් ඓතිහාසික යුගයේ සහ ඊට පසුව
ඉතිහාසයේදී වැදගත් වූ ප්‍රදේශ සහ ස්ථාන මෙම ප්‍රදේශය තුල පිහිටීම පිළිබඳව
නිරීක්ෂණය කිරීමට හැකි වූ අතර ඒවා නිසා සෞන්දර්යාත්මක මෙන්ම ප්‍රදේශයේ පෞඩත්වයටද
ඉතා විශාල පිටිවහලක් වී ඇති බව පෙනී ගියේය.
|
|
|
|
|
|
|
නම
|
පිහිටි ස්ථානය
|
ආසන්න වශයෙන්
ඉදිකල/නිර්මිතය/නිර්ණය කල කාලය
|
ලගා වන ආකාරය
|
|
i.
දිය
ඇලි
|
|
දියළුම
දිය ඇල්ල
|
කොස්ලන්ද
වසම
|
|
කොස්ලන්ද
නගරයේ සිට කි.මී. 02
ක්
වැල්ලවාය දෙසට ගමන් කලපසු හමුවේ
|
|
බඹරකන්ද
ඇල්ල
|
වීරකෝන්ගම
වසම
|
|
හල්දුම්මුල්ල
සිට කිමී 2 ක් කොළඹ
දෙසට ගමන් කර කළුපහන හන්දියෙන් දකුණට හැරී උඩවේරිය මාර්ගයේ කි.මී. 05 ක් ගමන් කල
පසු බඹරකන්ද ඇල්ල හමුවේ
|
|
ලංකා
ඇල්ල
|
වීරකෝන්ගම
|
|
ඉහත
බඹරකන්ද දිය ඇල්ල පිහිටි ස්ථානයෙන් මදක් ඔබ්බට ගිය විට හමුවේ.
|
|
ii.
ජෛව
විවිධත්වයෙන් යුතු රක්ෂිත
|
|
උඩ
දියළුම
|
කොස්ලන්ද
වසම
|
|
කොස්ලන්ද
නගරයේ සිට පූනාගල මාර්ගයේ කිමී 2.5 පමණ ගමන්කර දකුණට හැරී
මහල්දෙනිය අතුරු මාර්ගයේ ගමන්කල විට දියළුම රක්ෂිතය හමුවේ.
|
|
iii.
කදු
|
|
විල්ක්
ලිප්ටන් පොයින්ට්
|
පූනාගල
|
|
කොස්ලන්ද
නගරයේ සිට පූනාගල මාර්ගයේ කි.මී. 12 ක් පමණ ගමන්
කලවිට ගල්බොක්ක උඩහේන අතුරු මාර්ගය හමුවේ. මෙම මාර්ගයේ කි.මී. 2 ක් ගමන් කල
විට මෙම ස්ථානය ඇත.
|
|
ගල
පිට ගල
|
වීරකෝන්ගම
|
-
|
වල්හපුතැන්න
පහළ ඔහිය මාර්ගයේ කිරිමැටිය ගම පසුකර ටික දුරක් ගියවිට දුල්තොට ඇල්ල
(බඹරකන්ද දිය ඇල්ල) දෙසින් දර්ශනය වේ.
|
|
බෙරගල
|
බෙරගල
|
ඌවේ
සටන් පැවති කාලවලදී බැලුම් ගලක් ලෙසට දේශීය හා විදේශීය හමුදා භාවිතය ගෙන
ඇත.
|
බෙරගල
මංසන්ධියට ඉහලින්
|
|
iv.
වැව්
|
|
වෑ
එළිය වැව
|
වෑ
එළිය
|
ක්‍රි.ව.
1582-91 කාලයේ යාපා
මහරපු විසින් මෙම වැව හා වැව අසල තාවකාලික මාලිගාවක් කරවූ බව කියවේ.
(මැදගම සන්නස)
|
හාල්
අටුතැන්න මං සන්ධියේ සිට සොරගුණය හරහා වෑඑළිය මාර්ගයේ කිමී 12 ක් පමණ ගිය
විට වෑඑළිය ගම්මානය හා වැව හමුවේ.
|
|
v.
විහාරස්ථාන
|
|
|
|
|
බෝගන්දෙන
විහාරය
|
වෑඑළිය
|
16
වන
සියවසේ දී යාපා මහරපු විසින්
|
පහල
ඌව මාර්ගයේ කොස්ගම හා වෑඑළිය අතර පැරණි බෝපිටිය ගමේ පිහිටා ඇත.
|
|
සොරගුණය
රජමහ විහාරය හා කුඩා කතරගම දේවාලය
|
සොරගුණේ
|
16 වන සියවසේ
දී ඌවේ ප්‍රාදේශීය පාලකයකු වන යාපා මහරපු විසින්
|
හල්දුම්මුල්ල
සිට කි.මී. 08
ක්
කිරවණාගම මාර්ගයේ ගමන්කල විට හමුවේ.
|
|
ගනේවත්ත
පුරාණ විහාරය
|
ඌව
කොස්ගම
|
වලගම්බා
රජු
|
ඌව
කොස්ගම ඉලුක්පැලැස්සට දකුණු දෙසින් පිහිටා ඇත.
|
|
vi.
හිංදු
කෝවිල්
|
|
කරුඅම්මාන්
කෝවිල
|
බත්ගොඩ
|
-
|
බෙරගල
සිට කි.මී.
½ ක්
හල්දුම්මුල්ල දෙසට පැමිණ වම්පසට ඇති කළුපහන වත්ත මාර්ගයේ මී. 250 ක් පමණ
ගියවිට හමුවේ
|
|
vii.
වෙනත්
සංචාරක වශයෙන් වැදගත් ගොඩනැගිලි ස්මාරක ආදිය
|
|
කොටුගොඩැල්ල
කොටුව
|
හල්දුම්මුල්ල
|
මුලින්ම
සිංහල සේනාවන්හි බැලුම්පොලක් ලෙස හා පසු පෘතුගීසි සේනාවන්හි බලකොටුවක් ලෙස
භාවිතව ඇත
|
හල්දුම්මුල්ල
නීඩ්වුඩ් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසලින් හෝ හල්දුම්මුල්ල පාසල අසල
මාර්ගයෙන් කි.මී.
¾ ක්
පමණ දුරක් ගිය විට හමුවේ.
|
|
හල්දුම්මුල්ල
රොමානු කතෝලික දේවස්ථානය අසල ඇති සිහිවටන ගල
(මෙවනවිට
සොරුන් විසින් රැගෙනගොස් ඇත)
|
හල්දුම්මුල්ල
|
ක්‍රි.ව.
1910 මියගිය බ්‍රිතාන්‍යයේ vii වන එඩ්වඩ්
රජතුමා සිහිවීම පිණිස කරවන ලද්දකි
|
හල්දුම්මුල්ල
කතෝලික දේවස්ථානයට මීටර් 100 ක් පමණ නුදුරින්
|
|
බත්ගොඩ
ජාතික ඔසු උයන
|
බත්ගොඩ
|
ලෝක
සෞඛ්‍ය සංවිධානය,
එක්සත්
ජාතින්ගේ පරිසර වැඩසටහන හා ලෝක වනසත්ව අරමුදල් ආධාර මත ආරම්භ කර ඇත.
|
බෙරගල
සිට හල්දුම්මුල්ල දෙසට කි.මී. 2 ක් පමණ පැමිණි විට
මාර්ගයේ වම්පස හමුවේ.
|
|
|
|
|
No comments:
Post a Comment